Login for faster access to the best deals. Click here if you don't have an account.

මිනිස් වර්ගයා සුවපත් කරන දේව වෘක්ෂය දේවදාර (himalayan cedar ) Hingurakgoda

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Gardening Hingurakgoda   122 views

-- ₨

  • මිනිස් වර්ගයා සුවපත් කරන දේව වෘක්ෂය දේවදාර (himalayan cedar )
Location: Hingurakgoda
Price: -- ₨ Negotiable

මෙම සතිය තුල අපෙන් ලබා ගත හැකි ඔසු පැල වර්ග
***කරුණාකර දැන්වීම හොදින් කියවා බලා ඇනවුම් ලබා දෙන්න..සියලු මිල ගනන් සදහන් කර ඇත...***-
ඔබට අවශ්ය ඔසු පැල වර්ග ඔබේ නිවසටම..
*දේවදාර පැල
ඇතුලු ඔසු පැල වර්ග විශාල ප්රමාණයක් අපෙන් ඔබට...
ගුණාත්මක අතින් ඉහල ඔසු පැල ඔබට අවශය ඕනෑම ප්රමාණයක් අපෙන් ඔබට ලබා ගත හැක.
-ඇනවුම් කිරීම සදහා පේජ් එකට Message කිරීමෙන් හෝ 0775925524 what's app කරන්න/ call කරන්න 0712597206.
****Please read the advertisement carefully and place an order..
You can get high quality herbal plants from us ...
It can also be grown in pots, even in small spaces ...
Ornamental plants as well as herbal plants can beautify your home garden.
**Island wide Dilivery Available...
**Cash on Dilivery Available....
**Plants diliver with growing bags..
-Message to the order page or 0775925524 what's app/ call us 0712597206.
විද්යාත්මක නාමය: Cedrus deodara
උසස් වර්ගීකරණය: සීඩර්
මිනිස් වර්ගයා සුවපත් කරන දේව වෘක්ෂය දේවදාර
රුක් සෙවණක හිඳීමෙන් රෝග සුවකරගත හැකි බවක් කිසිවකු කිවහොත් ඔබට එය ඇදහිය හැකිද? දේවදාර ශාකයෙහි නිජබිම වන ඉන්දියානු හිමාචල් ප්රාන්ත වාසීන් විශ්වාස කරන්නේ උදෑසන දේවදාර රුක් සෙවණක වාඩිවී ශාකයේ ඔසු ගුණ මුසු වායුව ආශ්වාස කිරීමෙන් ශ්වසන ආබාධ දුරුවන බව යි. දේවදාර ශාකය දෙවියන්ගේ ලීය යන අරුතින් යුතුව මිනිස් වර්ගයා සුවපත්කරන්නක්. දේවදාරු සුරදාරු ඉන්ද්රදාරු දේවදාරම් වැනි නම් රාශියකින් මෙම himalayan cedar ශාකය හඳුන්වනු ලබන්නේ එනිසයි.
ශාකයේ ලීය-අරටුව එහි පොත්ත මෙන්ම පත්ර ඇට ආදි අනෙකුත් කොටස් ද රෝග සුවයට දායකත්වය සපයනවා. ශාක ලොවේ රජු ලෙස හැඳින්වෙන එය ඉන්දියාවේ පූජනීය ශාකයක්. මෙන්ම පූජනීය ස්ථානවල වගාකරනු ලබන්නක්. හිමාල කාශ්මීර ආදි උස් බිම් පෙදෙස්වල මීටර් 50 ක් පමණ උසට වැවෙන මෙම සුවිසල් කේතුධර ශාකය මල් හට නොගන්නා විවෘත බීජක වර්ගීකරණයෙහි pinaceae කුලයට අයත්වන්නක්. ඉඳිකටු වැනි සිහින් කොළ වලයාකාරව ගොනු වශයෙන් පිහිටනවා. ස්ත්රී හා පුරුෂ බීජ අඩංගු ව්යුහ කේතු ශාකයේ දක්නට ඇති අතර මඳක් විශාල ස්ත්රී කේතුවෙහි හටගන්නා බීජවලින් ව්යාප්තිය සිදුවනවා.
ශාකය වසර දහසක පමණ දිගු ආයු කාලයකින් යුක්තයි. එනිසා දෝ වසර 30 කට පමණ පෙර මෙරටට ගෙනවුත් පට්ටිපොළ ඔසු උයනේ හිඳුවා ඇති පැළ ඉතා හෙමින් වැඩෙමින් තවමත් කුඩා පැළ ලෙසින් දිස්වෙනවා. ඒ අනුව දේවදාර නමින් මෙරට වෙළඳ පොළෙහි අළෙවිවන ශාක ගැන විමසිලිමත් වීම වැදගත්. අලංකාර වුවද සුවඳවත් වුවද වෙනත් ශාකයකින් දේවදාර ඔසු ගුණ ලැබිය නො හැකි බැවින්.. සිරුරේ සියලු පද්ධති රෝග සුවකිරීමේ සුවිශේෂ හැකියාවක් දේවදාර ශාකය සතුයි. එය ප්රතිශක්ති ප්රති ඔක්සිකාරක ප්රතිප්රදාහ, ප්රති අසාත්මිකතා ගුණවලින් යුතුයි. දිලීර නාශක බැක්ටීරියා නාශක විෂබීජ නාශක ගුණ සහිතයි. විටමින් ඛනිජ වර්ග හා සිරුරට හිතකර රසායනවලින් පොහොසත්.
7වන සියවසෙහිත් එය ආයුර්වේද ඔසුවක් ලෙස භාව්තාවූ බවට සටහන් දක්නට ලැබෙනවා. ආයුර්වේද ප්රතිකාර සඳහා බෙහෙවින් යොදා ගැනෙන ශාකය මගින් ක්වාත චූර්ණ ලේහ අරිෂ්ට ආසව තෛල ආදි නොයෙක් ඖෂධ සැකසෙනවා. ශාකයෙන් නිපදවූ තෙල් හා කුඩු වර්ග වෙළඳ පොළේ, දක්නට ලැබෙනවා. අනු ඔයිල් චන්ද්රප්රභාවටී ආදි ඖෂධ ගණනාවක්ම විවිධ රෝග පාලනයට එමගින් නිපදවා තිබෙනවා.
හුස්ම ගැනීමේ අපහසුතා දුරුකරන දේවදාර ශාකය ඇදුම කැස්ස ඉක්කා බ්රොන්කයිටිස් ක්ෂය රෝගය හා, පෙණහළු ආශ්රිත රෝග සුවපත්කර දෙනවා. ඇදුමටත් ඉක්කාවටත් දේවදාර කෂාය ලබා දෙනවා. එය මැලේරියා ඇතුළු සියලු උණ රෝගවලට එරෙහිවද ක්රියාකරන්නක්, දේවදාර කෑල්ලක් ඇල්දියෙන් උරච්චිකර ගෑමෙන් න් හිසරදය දුරුකිරීමට ද හැකියි.
රුධිර දෝෂ දුරුකිරීමේ හැකියාවැති දේවදාර රුධිරගත සීනි මට්ටම හා අධි රුධිර පීඩනය පාලනය කර දෙන්නක්, එය මුත්රාකාරක ගුණ සහිතයි. මුත්රා දැවිලි වේදනා දුරුකරනවා, වකුගඩු ගල් බිඳ හෙළනවා. ජීර්ණ පද්ධතියට හිතකර වන ශාකය උදරා බාධ පාචන අතීසාර රෝග පාලනය කරනවා. පණු රෝග දුරලනවා. මල බද්ධය හා අර්ශස් වළකනවා.
ශාකය සමට හිතකරයි. කුරුළෑ දද වණ කුෂ්ට තුවාල වහා සුවපත් කරදෙනවා. සමෙහි තද කැසීම් එක්සිමා පොතු කබර ලාදුරු රෝගවලට එරෙහිව ක්රියා කරනවා.. චර්ම රෝග පාලනයේදී බාහිර ආලේපන උපයෝගි කරගනු ලබනවා. එය ඇස්වලටත් හිතකරයි. දත් හා විදුරු මස් නිරෝගි කරනවා. හිසකෙස් ආරක්ෂා කිරීමේ හැකියාවද සහිතයි. හිසකෙස් වැටීම හිස් සොරි දුරුකිරීම ශාක තෙල් මගින් කෙරෙනවා. ආතරයිටිස් රෝගය පාලනය කිරීමට ඊට හැකියි .සන්ධි වේදනා ඉදිමුම් සඳහා ශාක තෙල් ගල්වනු ලබනවා. කප, වාත දොස් දුරුකිරීමේ හැකියාව සමග එය සිරුරේ තරබාරුව ද පාලනය කරනවා. එය ගර්භාෂ රෝග සුවයටත් උපකාරිවන්නක්..ආර්තව වේදනා දුරුකර ආර්තව චක්ර ක්රමවත් කරන්නක්. එසේම . සිපිලිස් වැනි සමාජ රෝග පාලනයට ද උපකාරවන්නන්. දේවදාර ස්නායු පද්ධතිය නිරෝගි කරදෙනවා. ආඝාත තත්ත්වයන් වළක්වනවා. මානසික ආතතිය විෂාදය පාකින්සන් වැනි රෝග පාලනය කරනවා. නින්ද අහිමිවන ඉන්සොම්නියා තත්ත්වය වළකමින් සුවපත් නින්දක් ද ලබා දෙනවා.