Login for faster access to the best deals. Click here if you don't have an account.

ඖෂධීය ගුණයෙන් සපිරි , අලංකාරවත් මලින් සැරසෙන බක් මී ශාක Alawwa

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Gardening Alawwa   127 views

-- ₨

  • ඖෂධීය ගුණයෙන් සපිරි , අලංකාරවත් මලින් සැරසෙන බක් මී ශාක
Location: Alawwa
Price: -- ₨ Negotiable

ඉතා සුවඳවත්, ඖෂධීය ගුණයෙන් සපිරි , අලංකාරවත් මලින් සැරසෙන බක් මී (Bak Mee) විශාල පත්ර ඇති හොඳින් සෙවන ලබා දියහැකි විශාල වණ ගසකි. ඉදුණු බක් මී (Nauclea orientalis) ගෙඩි පලතුරක් වශයෙන් ආහාරයට ගතහැකිය. කහ පාට ප්රමාණයෙන් කුඩා රවුම් හැඩති බක්මී ගෙඩි ඇඹුල් පැණි රසකින් යුක්ත වේ.
ඖෂධීය ගුණ ගැන කියනවනම් බක්මී ගෙඩි කෑමෙන් ඇඟ සිසිල් වී ලේ පිරිසිදු වෙයි. ඉදුණු බක්මී ගෙඩි කිහිපයක් ගෙන හොඳින් තළා තලපයක් සේ සාදා කුෂ්ට මතු පිට දිනපතා උදේ සවස සති කිහිපයක් ආලේප කරනවා නම් කෙමෙන් සුවයක් ලබා ගත හැකිවේවි.බක්මී ගෙඩි යුෂ රැගෙන සූදුරු, සීනි මිශ්ර කර පානය කිරීමෙන් කෑම අරුචිය, අජීර්ණ තත්වයන් ආදිය මගහරවා ගත හැකියි. එසේම සර්ප විෂ නැසීමටද බක්මී දිව්යමය ඔසුවක්. වැඩිපුර සීතල ප්රදේශ වල වැඩෙන මේ ශාකයේ පොත්ත, මුල්, ගෙඩි, මල් සහ කොළ යන පංචාංගයම ඖෂධ පිණිස යොදා ගනී. උණ රෝග, ගර්භාෂගත රෝග, මූත්රා ආසාදන,කුෂ්ථරෝග, වා, පිත්, සෙම්,යන තුන් දොස් සමනය මෙන්ම වේදනා නාශක ගුණයෙන් යුක්ත වෙයි. තවද , ශරීරයේ ඉදිමුම් වේදනා නැතිකිරීමට , පිරිමින්ගේ ශුක්ර රෝගවලට , ශරීරයේ විෂ නැසීමට, බඩ බුරුල් වීම නැවැත්වීම, බඩගිනි ඇතිවීමට, ආහාර දිරවීම , වමනය වැළැක්වීමට, ඉදිමුම් නැසීමට,තනකිරි වැඩීමට, මළ බද්ධය සුව කිරීමට , අග්නිවර්ධනයට, ශරීර බලය වර්ධනයට වගේම චර්ම රෝග සදහාද උපකාරී වේ.
විසප්පු,වණ,තුවාල, අතීසාරය, රක්ත අතීසාරය, පාචනය, දත් කැක්කුම, ජලභීතිකාව, සර්ප විෂ, මුත්රා ගල්, මූත්රා අඩස්සිය, සෙංගමාලය, අක්ෂි රෝග, මුඛ රෝග, හෘද රෝග, ක්ෂය රෝගය, උණ ආදී රෝග අවස්ථා බොහෝමයක් සදහා ප්රාතිකාර කිරීමට බක් මී ශාකයේ කොළ, දළු, පොතු, මුල්, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරන බක්මී ශාකය දේශීය වෙදකමට ඉමහත් ඖෂධීය වටිනා කමකින් යුක්ත ශාකයකි.
බක්මී කොළ, තම්බා ගත් වතුරෙන් කට සේදීමෙන් දත්මුල් දියවීම, සෙම් ගෙඩි ඒම, මුඛ දුඟද හැමීම, දත් පණුවන් කෑම, කට වණවීම සුවකර ගත හැකියි. බක්මී කොළ ගින්නේ රත්කර කුඩු කර තුවාල මත ආලේප කිරීමෙන් විෂබීජ නසා සුවපත් වන බව සැලකෙයි . බක් මී කොළ , පොතු මුල් යොදා සකසා ගත් කැඳ බීමට දීමෙන් නයි, පොළොං ආදී සර්ප දෂ්ටන වලදී විෂ නැති බව සඳහන්.
බක්මී පොත්ත වියලා කුඩුකර උදේ සවස කෝපි මෙන් පානය කිරීමෙන් අතීසාර රෝග මෙන්ම දියවැඩියාවද සුවපත් කර ගත හැකියි. සීනි මට්ටමද අඩු වෙයි . අධික මාස් ශුද්ධියටද බක්මී පොතු වියලා කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණ දායකයි. අක්මා රෝග සෙංගමාල රෝග ඉක්මනින්ම සුව කරගැනීමටද බක් මී පොතු යොදාගනී.
කුෂ්ට රෝගීන්ට බක්මී අමු පොතු ගෙන කොටා ඇල්දිය සමග මිශ්ර කර දිනපතා උදේ සවස කුෂ්ථය මත ආලේප කරනවා නම් කාලයක් යද්දී සුවපත් වේවි.
බක්මී මල් සහා මුල් අකාලයේ ගබ්සා වීම් සිදුවන කතුන්ටද එම අවධානමින් මිදුමට බක්මී මල් හෝ මුල් කසායක් ලෙස යොදා ගනියි. ස්ත්රී ප්රජනන පද්ධතිය ආශ්රිතව රෝග සඳහාත් ගැබිණි මව්වරුන්ටත් බක්මී මල් හෝ මුල් කසාය ඉතාමත් සුදුසුයි. තවද බක්මී මුල් තම්බා බීමෙන් දියවැඩියාවටද ගුණදායකයි. පැරැන්ණෝ බක්මී දඬු දත් මැදීමටත් යොදාගෙන තිබෙනවා.
කුරු බක්මී..පැලයක් 100Rs සිට ඉහලට..අවශ්යය අය 0762666244 - Whatsapp message එකක් දන්න..Please