Login for faster access to the best deals. Click here if you don't have an account.

දඬු මොණරය Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Home Colombo   51 views

-- ₨

  • දඬු මොණරය
Location: Colombo
Price: -- ₨

මාගේ අලුත්ම නිර්මාණය

දඬු මොණරය - Pushpak Vi-mãna 

ඉතිහාසයට අනුව පෙර යුගයේදී සිටි රාවණ රජු දඬු මොණරය (Pushpaka Vimanaya) නැමැති ගුවනින් ගමන් කල හැකි යන්ත්‍රයකින් සීතා කුමරිය පැහැරගෙන ආ ජනප්‍රවාදය මෙරට ජන සමාජය තුළ පරම්පරා ගණනාවක් ඔස්සේ ආ පුවතකි. වාල්මිකීගේ රාමායණය නම් කෘතියෙහිද මේ සම්බන්ධව ලියවී ඇති බව අපට පාසල් අධ්‍යාපනය මගින් හා ජන මාධ්‍ය ඔස්සේ දැකගැනීමට ලැබී ඇත. 

කුඩා කල සිට ගුවන් යානා කෙරෙහි ඇල්මක් තිබූ කෙනෙකු හැටියට අතීතයේ අපටද එවැනි ගුවන් යානා තිබී ඇති බව දැනගත් පසු මෙම දඬු මොණරය කෙරෙහි මාගේ දැඩි උනන්දුවක් ඇතිවිය. එය කෙබඳු යන්ත්‍රයක් දැයි සොයා බලා එහි ආකෘතියක් සෑදීමට විශාල උනන්දුවක් තිබූ නමුත් අධ්‍යනය වැඩකටයුතු සහ අනෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒ සඳහා කාලයක් නොලැබූනත් ඊට වසර 8 කට පසු නැවතත් ඒ ආශාව අවදි වූ බැවින් දඬු මොණරය සදහා නිර්මාණාත්මක ආකෘතියක් මෙලෙස සෑදීමට තීරණය කලෙමි. 

සංකල්පය

කෙටි කාලයක් තුලදී සිදු කළ අධ්‍යනයක් (research) ඔස්සේ මා රැස් කරගත් දත්තයන්ට අනුව මෙම ආකෘතිය නිර්මාණය කළ අතර මෙම නිර්මාණය පිළිබඳව කෙටි විග්‍රහයක් කලහොත්;

ප්‍රධාන වශයෙන් විමාන වර්ග 04 කි:

• ශකුණ විමාන 

• සුන්දර විමාන 

• ත්‍රිපුර විමාන 

• රැක්ම විමාන 

මේ අතුරින් මා නිර්මාණය කරන ලද්දේ ශකුණ විමාන ගනයට අයත් විමානයකි. එනම් එම විමාන කුරැල්ලෙකුගේ හැඩය ගන්නා අතර වේගය අඩු කිරීම සදහා පියාපත් දිගහැරීමත් වේගය වැඩි වූ විට පියාපත් හකුලා ගැනීමත් සිදු කරයි. මෙය මොණරෙකු පිල් විදහා ගන්නා ආකාරය (දණ්ඩු මොණරය) පිලිබිඹු කරයි. මෙහි බඳ කොටස නෞකාවක හැඩයක් ගන්නා අතර එයට එකවර මිනිසුන් 350-400 පමන හමුදාවක් ප්‍රවාහනය කිරීමට හැකියාව ඇති අතර ගුවනේ ඕනෑම ස්ථානයක නවතා තැබීමට හැකියාව ඇත. දර්පණ භාවිත කර සූර්ය ශක්තිය ආධාරයෙන් ජලය උණු කර එම හුමාලය මඟින් ක්‍රියාත්මක වන එන්ජිමක් භාවිතයෙන් (Steam Engine) මෙම යානය පණ ගැන්වෙන අතර එම එන්ජිම හා සුළං බලය ආධාරයෙන් මෙම යානය ගමන් කරයි. සෝමක, සවුන්දලික, මෞර්තවික යන තුන් ආකාරයේ ලෝහ මිශ්‍ර කොට වර්ග 16 ක ලෝහ නිශ්පාදනය කර ගනු ලබන අතර එම ලෝහ වර්ග සහ දැව ප්‍රධාන වශයෙන් භාවිතා කර මෙම විමානය සාදා ඇති අතර මෙහි එන කැටයම් සියල්ල රනින් හා දියමන්තියෙන් කැටයම් කර ඇති බව නිරෑපනය කෙරේ. 

මීට අමතරව, වායුගෝලයේ විවිධ චලන වලින් බල හා විකරණ ශක්තිය පෙරා ඇදගෙන ශ්වේත ආවරණයක් මවා ගැනීමෙන් නොපෙනීයාම (අදෘෂ්‍ය), යානයේ කුඹගස මුදුනේ ඇති නාලය තුලින් විදින වායුධාරා වලින් හාත්පස සියලු දේ විනාශ කිරීම (පූලය), විවිධ වර්ණ දුම් වලා නංවා වේග 132 කින් ඒවා කළඹා භයානක බිය දනවණ විමානයක ස්වරූපය එය දකින්නන් හට පෙනෙන්නට සැලැස්වීම (විරෑපකරනය) හා මිනිසුන් බියෙන් මුසපත් කරවිය හැකි මට්ටමේ මහා භයංකාර ශබ්ද නැංවීම (මහා ශබ්ද විමෝෂණ) ඇතුළු නියමුවා විසින් දැනගත යුතු රහස් 32 ක් මෙම විමානය සතුය.

මෙය නිම කිරීමට මාස තුනකට ආසන්න කාලයක් ගත වූ අතර එය මුළුමනින්ම මා විසින්ම නිර්මාණය කර, ආකෘතිගත කර අතින් පින්තාරු කර ඇති අතර ප්‍රධාන වශයෙන් Plastic boards, ලී සහ රෙදි භාවිතා කර නිර්මාණය කර ඇති අතර air dry clay මාධ්‍යයක් භාවිතයෙන් කැටයම් යොදා ඇත. තවද මම ආකෘතිය අඩි 03 පළල, 1.9 දිග හා 1.5 උසකට හිමිකම් කියයි. 

මෙම ආකෘතියේ තවත් detailed photos මගේ page එකේ පල කර තිබේ. ඒවා දැකගැනීමට, වැඩිදුර විස්තර දැනගැනීමට සහ මා කර ඇති අනෙකුත් නිර්මාණ ගැන බැලීමට අවශ්‍ය නම්, මගේ page එක සමග සම්බන්ධ වෙන්න